Saturday, September 4, 2010

වින්ඩෝස් වලට හැදූ සොෆ්ට්වෙයා උබුන්ටු ලිනක්ස් වල run කරන්නේ ‍කොහොමද

මේකට විසදුව වයින්! ‍ඒ කීවේ, අපි නිතර පාවිච්චි කරන වින්ඩෝස් මෘදුකාංග උබුන්ටු වල පාවිච්චි කරන්න බැරි නිසා දුකට වයින් බොන්න කියන එක නෙමේ. වයින් කීවේ, වින්ඩෝස් මෘදුකාංග වින්ඩෝස් නොවන පරිගණක පද්ධති වල ධාවනය කරන්න පුළුවන් කරවන Compatibility layer එකක්. ‍මේක උබුන්ටු වල‍ට ලේසියෙන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

මෙහෙමයි ඉන්ස්ටෝල් කරන්නේ:

  • System->Administration->Software Sources යන්න (පහත රෑපය).
  • Software Sources බොක්ස් එකේ "other software" ටැබ් එකට ගිහින් "Add" බට්න් එක ක්ලික් කරන්න.
  • දැන් විවෘත වෙන බොක්ස් එකට මේ කෝඩ් එක කොපි පේස්ට් කරන්න: ppa:ubuntu-wine/ppa'. "Add source" බට්න් එක ක්ලික් කරන්න.
  • දැන් Software Sources close කරන්න. එතකොට package information reload කරන්න අහයි. ඒකට ඉඩ දෙන්න.
  • සියල්ල හරියට සිද්ද වුණා නම්, දැන් උබුන්ටු වල Application මෙනූ එකේ Wine සබ්-මෙනූ එකක් ඇතිවෙලා තියෙන්න ඕන. මේ මෙනූ එකට තමයි දැන් අපි උබුන්ටු වල ඉන්ස්ටෝල් කරන වින්ඩෝස් මෘදුකාංග යන්නේ.


දැන් වින්ඩෝස් වලදී කරනවා වගේම, Setup ෆයිල්ස් ඩබල් ක්ලික් කරලා වින්ඩෝස් මෘදුකාංග උබුන්ටු ඇතුලේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉන්ස්ටෝල් උනාම, ප්‍රෝගෑම් එකට ලින්ක් එකක් වයින් මෙනූ එකට යාවි. දැන් ඒක ක්ලික් කරලා වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්.

කොහොම වුනත්, හැම වින්ඩෝස් මෘදුකාංගයක්මත් වයින් වලින් රන් කරන්න බෑ. උදාහරණයක් විදියට ‍ඇඩෝබි CS3 වැඩසටහන් එහෙම වයින් වලින් ඉන්ස්ටෝල් කරන්න තවම බැහැ. .Net තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් ඉන්ස්ටෝල් කරන්නත් වෙනම ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. ඒත් ටිකක් පරණ වැඩසටහන් නම් වයින් වල හොදට වැඩ කරාවි

No comments:

Post a Comment

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧