Sunday, August 29, 2010

Nokia 93i ෆෝන් පාවිච්චි කරන්නන්ට වද දෙන මෙමරි අවුල



ඔබ නොකියා 93i දුරකථයක් පාවිච්චි කරනවා නම්, කලින් කලට එහි මතකයට ‍අද්භූතජනක යමක් සිදුවන බව ඔබ අත්දැක තිබෙනු ඇති. කිසිම හේතුවකින් තොරව හිටි අඩියේ එහි මතක ධාරිතාව ‍පහළ වැටේ. ඔබට එන sms එකක් හෝ බලාගත නොහැකි ලෙස, කිලෝබයිට් 20 30 දක්වා මතකය අඩු වී යයි. මා දන්නා තරමින් මෙය n93 වල ඇති සොෆ්ට්වෙයා අවුලක් හෙවත් බග් එකකි. බොහෝ විට මෙම බග් එක කරලියට පැමිණෙන්නේ, ෆෝන් එකට ‍අළුත් තීම්ස් සහ සොෆ්‍ට්වෙයා ඉන්ස්ටෝල් කල විට බව මගේ මතයයි. මෙම බග් එක මතු වූ විට කළ හැකි දේ දෙකක් මා දැනට දනිමි.

1) ෆෝන් මෙමරි එකෙහි ඇති තරමක් විශාල ෆයිල් එකක් (උදා- වීඩියෝ) ඩිලීට් කර දමන්න. මෙයින් බොහෝ විට හිටි අඩියේ අතුරැදහන් වූ මතකය නැවත ලැබෙනු ඇත.

2) ෆෝන් එක රී-සෙට් කරන්න. රී-සෙට් කිරීම සදහා මෙම කෝඩ්ස් භාවිතා කරන්න: *#7370# (සොෆ්ට්වෙයා රී-සෙට්) හෝ *#7780# (හාඩ්වෙයා රී-සෙට්). මෙම කෝඩ්ස් ක්‍රියාත්මක කිරීමට හුදෙක් ඒවා ‍ඩයල් කරන්න. එවිට මතුවන ප්‍රශ්ණය 'Yes' කරන්න.
රී-සෙට් කළ විට අනිවාර්ය්‍යයෙන්ම මෙමරි බග් එක ෆෝන් එකෙන් ඉවත් වේ (එහෙත් කාලයකට පසු එය නැවත මතුවීමට ඉඩ තිබෙන අතර මෙයට විසදුමක් මා දන්නේ නැත).

Tuesday, August 24, 2010

Software නැතිව YouTube විඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි.


Ubuntu Linux සදහා


1) Firefox ‍මගින් Youtube වෙත ගොස්, ඔබට අවශ්‍ය වීඩියෝව විවෘත කරන්න. එවිට එය ලෝඩ් වීමට පටන් ගනු ඇත.

2) වීඩියෝ එක ලෝඩ් වීමට ඉඩ හැර, Ubuntu හි
“/home/kasunl/.mozilla/firefox/jwo98qyu.default/Cache” ‍folder එකට යන්න. මෙය Firefox හි තාවකාලික ‍fපයිල්ස් ගබඩා කරන cache fපෝල්ඩර් එකයි. ඉහත fපයිල් පාත් එකෙහි 'kasunl' යනු මගේ උබුන්ටු username එක වන අතර, ඔබේ cache fපෝල්ඩර් පාත් එකෙහි තිබෙනු ඇත්තේ ඔබේ යූසර්නේම් එකයි. එමෙන්ම, පාත් එකෙහි 'jwo98qyu.default' යන කොටසද ඇතැම් විට වෙනස් වනු ඇත.

ඉහ
ත පාත් එක ක්‍රියාත්මක නොවේ නම් ඔබ කළ යුත්තේ, '/home/kasunl/.mozilla/firefox/' ඩිරෙක්ටරි එකට ගොස් 'cache' fපෝල්ඩරය සදහා සර්ච් විධානයක් ලබා දී එය සොයා ගැනීමයි.

පහත රෑපයේ දැක්වෙන්නේ මගේ පරිගණකයෙ හි Firefox cache fපෝල්ඩරය පෙනෙන ආකාරයයි.


3) ඉහත ‍ලෙස cache ‍fපෝල්ඩරය සොයා ගෙන එය තුළට යන්න. එවිට ඔබට දැන් Youtube හි ලෝඩ් වන වීඩියෝව එතුළින් සොයාගත හැකි ය. Realplayer සහ IDM වැනි Youtube ඩවුන්ලෝඩර් වලින් කළ නොහැකි සේ, ඔබ දැනට නැරඹූ වීඩියෝ කොටස පමණක් වුවද මෙම fපෝල්ඩර් එක තුළින් ඔබට සොයා ගත හැකි ය. මේ සදහා fපෝල්ඩර් එකෙහි Type කොලම් එක මත ක්ලික් කර, සමාන fපයිල්ස් එක තැනකට ගන්න. දැන් 'Flash video' ටයිප් එක සහිත fපයිල්ස් සොයා ගන්න. Flash video ටයිප් එක සහිත fපයිස්ල් වල උඩින් ම තිබෙනු ඇත්තේ, ඔබ මීට මොහොතකට පෙර නැරඹූ වීඩියෝව හෝ වීඩියෝ කොටසයි (පහත රෑපය).

‍ඉහත රෑපයේ Flash video ටයිප් එක ඉදිරියේ ඇත්තේ මා අවසානයට බැලූ වීඩියෝවයි (රෑපයේ එය හයිලයිට් කර තිබේ). දැන් මට එම වීඩියෝව ‍මෙතැනින් ඉවත් කර මට අවශ්‍ය වෙනත් තැනක ගබඩා කළ හැකි ය. එමෙන්ම වීඩියෝව මට අවශ්‍ය නමකට Rename කර ගත හැක.

ඉහත අප සිදුකළ දෙය Youtube විඩියෝස් සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් ඕනෑම ‍fප්ලෑෂ් විඩියෝ සහිත වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ද කළ හැකි බව අවසානයට කිව යුතුය.


"I switched to ubuntu and I love it!"

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧