Ubuntu Linux සදහා
1) Firefox මගින් Youtube වෙත ගොස්, ඔබට අවශ්‍ය වීඩියෝව විවෘත කරන්න. එවිට එය ලෝඩ් වීමට පටන් ගනු ඇත.
2) වීඩියෝ එක ලෝඩ් වීමට ඉඩ හැර, Ubuntu හි “/home/kasunl/.mozilla/firefox/jwo98qyu.default/Cache” folder එකට යන්න. මෙය Firefox හි තාවකාලික fපයිල්ස් ගබඩා කරන cache fපෝල්ඩර් එකයි. ඉහත fපයිල් පාත් එකෙහි 'kasunl' යනු මගේ උබුන්ටු username එක වන අතර, ඔබේ cache fපෝල්ඩර් පාත් එකෙහි තිබෙනු ඇත්තේ ඔබේ යූසර්නේම් එකයි. එමෙන්ම, පාත් එකෙහි 'jwo98qyu.default' යන කොටසද ඇතැම් විට වෙනස් වනු ඇත.
ඉහත පාත් එක ක්‍රියාත්මක නොවේ නම් ඔබ කළ යුත්තේ, '/home/kasunl/.mozilla/firefox/' ඩිරෙක්ටරි එකට ගොස් 'cache' fපෝල්ඩරය සදහා සර්ච් විධානයක් ලබා දී එය සොයා ගැනීමයි.
පහත රෑපයේ දැක්වෙන්නේ මගේ පරිගණකයෙ හි Firefox cache fපෝල්ඩරය පෙනෙන ආකාරයයි.

3) ඉහත ලෙස cache fපෝල්ඩරය සොයා ගෙන එය තුළට යන්න. එවිට ඔබට දැන් Youtube හි ලෝඩ් වන වීඩියෝව එතුළින් සොයාගත හැකි ය. Realplayer සහ IDM වැනි Youtube ඩවුන්ලෝඩර් වලින් කළ නොහැකි සේ, ඔබ දැනට නැරඹූ වීඩියෝ කොටස පමණක් වුවද මෙම fපෝල්ඩර් එක තුළින් ඔබට සොයා ගත හැකි ය. මේ සදහා fපෝල්ඩර් එකෙහි Type කොලම් එක මත ක්ලික් කර, සමාන fපයිල්ස් එක තැනකට ගන්න. දැන් 'Flash video' ටයිප් එක සහිත fපයිල්ස් සොයා ගන්න. Flash video ටයිප් එක සහිත fපයිස්ල් වල උඩින් ම තිබෙනු ඇත්තේ, ඔබ මීට මොහොතකට පෙර නැරඹූ වීඩියෝව හෝ වීඩියෝ කොටසයි (පහත රෑපය).

ඉහත අප සිදුකළ දෙය Youtube විඩියෝස් සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් ඕනෑම fප්ලෑෂ් විඩියෝ සහිත වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ද කළ හැකි බව අවසානයට කිව යුතුය.
මෙම ලිපිය ඉතාමත් හොදයි. තව දුරටත් මෙවැනි ලිපි පලකරන්න.ඔබට ගොඩාක් ස්තුති.
ReplyDeleteWelcome bro
ReplyDelete