Thursday, November 4, 2010

ආණ්ඩුවෙන් හරි, වැඩ කරන තැන ඇති LAN එකෙන් හරි බ්ලොක් කරලා තියෙන වෙබ් සයිට්ස් බලන්නේ කොහොමද?

ලේසියි:

  • දැන් Translate a web page කියලා තියෙන තැන ඇති ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ, ඕපන් කරන්න ඕන වෙබ් පේජ් එකේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න.
  • දැන් Select from and to languages ලිස්ට් එකෙන් to English තියෙන ඔප්ෂන් එකක් සිලෙක්ට් කරන්න. උදා- Chinese-simp to English.
  • Translate බට්න් එක ක්ලික් කරන්න. ටික වෙලාවකින් වෙබ් සයිට් එක ඕපන් වෙයි.

මෙහෙම මේ වෙබ් සයිට්ස් BabelFish හරහා බලන්න පුළුවන් වෙන්නේ, BabelFish වලින් යනකොට සයිට් එක ඕපන් වෙන්නේ BabelFish ඩොමේන් එක හරහා වෙන නිසයි. හැබැයි මොබිටෙල් වලින් මේක කරන කොට ප්‍රශ්ණයක් ආවා. ඒත් SLT වලින් කරන කොට නෝ ප්‍රෝ ;).

BabelFish වැඩ කලේ නැත්තම් ට්‍රයි කරන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. පස්සේ කියන්නම්.

ගූගල් අර්ත් ඇබැද්දිය (updated)

ගූගල් අර්ත් වින්ඩෝස් වල දුවන නියම ප්‍රෝග්‍රෑම් එකක් නිසා මට හිතුනා ඒක උබුන්ටු වල ඉන්ස්ටෝල් කරලා බලන්න. එතකොට උබුන්ටු වල ඉදලා වින්ඩෝස් වලට රී-බූට් කරන්න ඕන නෑ අර්ත් බලන්න ඕන උනාම. ඉතින් උබුන්ටු වලින් අර්ත් සයිට් එකට ගිහින්, අර්ත් වල ලිනස්ක් වර්ශන් එක ඉන්ස්ටෝල් කලා. run කරලා බැලුවාමයි වැඩේ තේරැනේ, ලිනක්ස් වර්ශන් එක බාගෙට වැඩ කරන්නේ. ලෝක ගෝලේ හරියට render වෙන්නෙත් නෑ, මැදින් පැලිලා ගිහින්. ඒ මදිවට මවුස් කන්ට්‍රෝල් එහෙමත් හරියට වැඩ නෑ. ඉතින් මට අප්පිරියා හිතිලා විගහට අර්ත් අන්-ඉන්ස්ටෝල් කරන්න ලෑස්ති උනා. ඒත් ඒකත් එක පාරට කරන්න පුළුවන් උනේ නෑ අනික් සොෆ්ට්වෙයා වගේ. උබුන්ටු සොෆ්වෙයා සෙන්ටර් එකෙන් ඒක් අන්-ඉන්ස්ටෝල් කරන්න බෑ. ඉතින් නෙට් එකේ හෙව්වා කරන්නේ කොහොමද කියලා. එතකොට දැක්කා අර්ත් අන්-ඉන්ස්ටෝල් කරන්න ඕන මැනුවලි කියලා. ඒ කියන්නේ කමාන්ඩ් ලයින් වලින් විධාන දෙන්න ඕන. යටින් තියෙන්නේ ඒ විධාන. ඔය ගොල්ල කවුරැ හරින් උබුන්ටු වලින් අර්ත් මකා ගන්න බැරැව ඉන්නවා නම් මේ කමාන්ඩ්ස් run කරලා හරියනවද බලන්න. මට හරි ගියා.

මේ ටෙක්ස්ට් එක එක පාරට කොපි කරලා කමාන්ඩ්ලයින් වින්ඩෝ එකේ පේස්ට් කරලා run කරන්න:

======================================================================================

"sudo rm -rf /opt/google-earth && sudo rm /usr/share/mime/application/vnd.google-earth.* /usr/share/mimelnk/application/vnd.google-earth.* /usr/share/applnk/Google-googleearth.desktop /usr/share/mime/packages/googleearth-mimetypes.xml /usr/share/gnome/apps/Google-googleearth.desktop /usr/share/applications/Google-googleearth.desktop /usr/local/bin/googleearth"

======================================================================================

ප.ලි. උඩ කමාන්ඩ්ස් වලින් කරන්නේ ගුගල් අර්ත් ඉන්ස්ටොලේශන් එකේ ඇති ෆයිල්ස් මැනුවලි වෙන වෙනම පරිගණකයෙන් ඉවත් කර දැමීමයි. අන්-ඉන්ස්ටෝල් ප්‍රෝග්‍රෑම් එකක් තිබුන නම් මෙහෙම මැනුවලි කමාන්ඩ්ස් දෙන්න ඕන නෑ, ඒ ප්‍රෝග්‍රෑම් එක දුවවපුවාම ඉබේම අර්ත් අන්-ඉන්ස්ටෝල් වෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

එහෙනම් පස්සෙ හම්බවෙමු. ටටා.

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧