Wednesday, September 8, 2010

සීඩී / ඩීවීඩී වල දත්ත ගබඩා කෙරැවට වැඩක් නැද්ද?

පේන්නේ ඒ වගෙයි. ලංකාවේ අපි එදිනෙදා පාවිච්චි කරන සීඩි ඩීවීඩී වලට ඇත්තේ ඉතා කෙටි ආයු කාලයක් බවයි පෙනෙන්නේ. අවුරැදු දෙක තුනකදීම ඒවායේ ඇති දත්ත ඛාදයට ලක්වෙන්නට පටන් ගන්නවා. ඒත් සීඩී ඩීවීඩී වල ආයු කාලය තීරණය කරන සාධක කීපයක් තියෙනවා.

  • සීඩී වර්ගය සහ කොලිටි එක.
  • ඩිස්ක් එකට දත්ත බර්න් කිරීමේ කොලිටි එක - බර්න් කරන්නේ උපරිම වේගයෙන්ද මධ්‍යම වේගයෙන්ද වගේ කාරණා. අධික වේගයෙන් බර්න් කලොත් දත්ත ඔක්කොට රයිට් නොවෙන්න ඉඩ තියෙනවා.
  • ඩිස්ක් එක පාවිච්චි කරන විදිය - පරෙස්සමින්ද, නැත්තම් සැලකිල්ලක් නැතුචද කියන එක.
  • පාරිසරික තත්ව - උෂ්ණත්වය, ආර්ද්‍රතාව වගේ තත්ව. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25 කුත් අර්ද්‍රතාවය 50% කුත් වගේ ඇති පරිසරයක් ගබඩා කලොත් ඩිස්ක් එකේ ආයුශ වැඩි වෙනවලු.

ඩිස්ක් එක පරෙස්සමින් පාවිච්චි කලොත් ‍එහි ආයුශ දික් වෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒත් ඩිස්ක් එකට නිශ්චිත ආයු කාලයක් තියෙනවා. කාලය ගතවෙන කොට, ඩිස්ක් එක මතුපිට ඇති ලේයර් එක (මේකේ තමයි දත්ත ගබඩා වෙන්නේ. හදා තියෙන්නේ ගෝල්ඩ් හෝ සිල්වර් ඇලෝයි වගේ දේවල් වලින්) ඛාදනයට ලක් වෙන්න පටන් ගන්නවා. දැන් ඒක පරිගණකයකට දැම්මාම ඒක හිරවෙන්න තියාගන්නවා. මුළින් මුළින් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණට ඒක හොයන්න බෑ. මොකද ඩිස්ක් ඩ්‍රයිවර් එකෙන් Disk Errors හරිගස්සන නිසා. ඒත් ටික ටික සීඩී එක කරප්ට් වෙලා ඒකේ ඇති error සෙක්ටර්ස් ගාන වැඩි වෙනකොට, අන්තිමේදී ඩ්‍රයිවර් එකට දත්ත රීඩ් කරන්න බැරැව යනවා.

සිල්වර් ලේයර් එක මලකවන ප්‍රධාන සාධකයක් ලු වායුගෝලයේ සල්ෆර් ඩයොක්සයිඩ්. මේ නිසා සීඩී ඩීවිඩී පිරිසිදු වාතය තියෙන තැන් වල තැබීම සුදුසුයි. මොකද සල්ෆර් ඩයොක්සයිඩ් තියෙන්නේ දූෂිත වාතයේ නිසා. තව, රස්නෙ තැන් වලත්, යූ වී කිරණ එන තැන් වලත් සීඩී තියන්න හොද නෑ.

මේවා කොහොම කෙහොම උනත්, ඉතා දීර්ඝ කාලීන විදියට දත්ත ගබඩා කිරීමට අපි එදිනෙදා කඩෙන් ගන්න සීඩී ඩීවිඩී සුදුසු නෑ. එහෙමනම් කරන්න තියෙන්නේ, කාලෙන් කාලෙට පරණ සීඩී වල තියෙන ඒවා අළුත් සීඩී වලට කොපි කරන එකයි (පරණ සීඩී වල කාලේ පනින්න කලින්). ඒත් ඊට වඩා විස්වාසදායක ක්‍රමයක් තියෙනවා. ඒක තමයි දත්ත අන්තර්ජාලයේ ගබඩා කිරීම. මෙම සේවය නොමිලේ දෙස වෙබ් අඩවි තියෙන නිසා. ඒත් අඩු වේග අඩු ධාරිතා අන්තර්ජාල සම්බන්ධතා තියන අයට මේ ක්‍රමය අමාරැයි - විශේෂයෙන්ම දත්ත වල ප්‍රමාණය ගොඩක් වැඩි නම්. ඒවයේ ගබඩා කරන්න යොදා ගන්න පුළුවන් ජාතියේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනව නම් හොදයි. හැබැයි ඒ වෙබ් අඩවි සේවයෙන් ඉවත් වුණ දාට (අර Yahoo Geocities වලට උනා වගේ), එහෙම නැත්තම් නොමිලයේ සේවාව සැපයීම නතර කරපු දාට, අපි ඒවායේ ගබඩා කරපු දේවල් වලට සුවිප් තමයි..

ප.ලි: ඉන්ටර්නල් / එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක්ස් ගැන කීවොත්, ඒවාත් හැමදාටම තියෙන්නේ නෑ. සමහර විට ඒවායේ ආයු කාලය වසර 5 6 ක් වෙන්න පුළුවනි, එහෙම නැත්තම් ඊට අඩු හෝ වැඩි වෙන්න පුළුවනි. ලෝකයේ සියල්ල අස්ථිරයි කීවේ කට කහනවටයැයි, හිකිස්!

No comments:

Post a Comment

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧