Thursday, September 2, 2010

දැන් පරිගණක වෛරස් එකකට මනුස්සයෙකු ගේ ඇගට එන්නත් පුළුවන් ලු!

මෙහෙමයි ඒ කථාව,

RFID චිප්ස් ගැන ඔය ගොල්ල අහලා ඇති සමහර විට. මේ වෙන තෙක් නම් RFID චිප්ස් හොගක්ම භාවිතා කලේ, සත්තුන්ව ටැග් කරනවා වගේ වැඩ වලට. ඒ කියන්නේ ඔය විද්‍යාඥයෝ වගේ අය කැලෑවේ සත්තු ගැන පර්යේෂණ සමීක්ෂණ එහෙම කරන කොට, ‍ඒ ගොල්ල ‍මේ RFID චිප්ස් සත්තුන්ගේ ඇග ඇතුළට යවනවා - ඒ කියන්නේ ඉම්ප්ලාන්ට් කරනවා. දැන් ඒ සතා කැලේ කොහෙ ගියත්, උගේ ඇගේ තියෙන චිප් එක නිසා පර්යේෂන කරන අයට ඌ ඉන්නේ කොතනද කියලා දැන ගත්තෑකි. ඒත් දැන් මේ ‍RFID චිප්ස් තිබූ තත්වයෙන් වැඩි දියුණු කරලා තියෙනවා. දැන් ඒවා නිකම්ම ට්‍රැකිං ඩිවයිසස් වෙනුවට, කුඩා පරිගණක බවට වැඩි දියුණු කරලා තියෙනවා. දැන් ඒවා මිනිස්සුන්ගේ ඇගවල් වලටත් ඇතුල් කරන්න පටන් අරගෙන. ඉතින් මේවායින් කරන්නේ මොනවද?

එක සයිබර්නෙටික්ස් විඥාඥයෙක් මේ දවස් වල ඉන්නේ මේ චිප් එකක් තමන්ගේ අතේ හමට යටින් ඇතුල් කරගෙන. ‍ඒ චිප් එක නිසා, ඔහු ගේ ලැබ් එකේ ඉලෙක්ට්‍රොනික් දොරවල් එහෙම ඔහු එනකොට ස්වයංක්‍රීයව අගුළු ඇරිලා විවෘත වෙනව ලු. ඒ වගේ ම ඔහු ගේ සෙල්ෆෝන් එක අන්ලොක් වෙන්නේ ඔහු ඒක අතට ගත්තොත් විතරලු, වෙන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න බැහැ ලු. මේ වගේ තව ප්‍රයෝජන චිප් එකෙන් තියනවා. අර වෛරස් කථාව එන්නේ මෙතනදි. දැන් මෙහෙම චිප් කෑලි ඇග ඇතුලේ දාගෙන ඉන්න කොට, ඒ චිප් එකකට වෛරස් එකක් ඇතුල් වුනොත් මොකද වෙන්නේ? එහෙම වෛරස් ඇතුල් වෙන්න පුළුවන්, චිප් එක පරිගණකයකට සම්බන්ධ වෙලා තියෙනකොට (වයර්ලස් විදියට). ‍උදාහරණයක් විදියට, අර විද්‍යාඥයාගේ ඇගේ තියෙන සිකියුරිටි දොරවල් අරින චිප් එක ගැන හිතන්න. මේ චිප් එකට වෛරස් එකක් ගියොත්, ඒ චිප් එකෙන් ඇරෙන දොරට සම්බන්ධ පරිගණක පද්ධතියටත් ඒ වෛරස් එක බෝ වෙනවා. දැන්, දොර අරින්න කී-කාඩ් එකක් පාවිච්චි කරන වෙනත් කෙනෙක් ගේ කී-කාඩ් එකටත් මේ වෛරස් එක යන්න පුළුවන්. මේ විදියට මේ වෛරස් එක පැතිරී යන්න පුළුවන්.

මීට වඩා භයානක ප්‍රතිඵල ඇතිකරන උදාහරණයක් ගත්තොත්: දැන් සමහර ඉල්ට්‍රොනික උපකරණ තියෙනවනේ ‍වෛද්‍යමය කාරණා වලට ඇග ඇතුලේ සවි කරන. සමහර ඉම්ප්ලාන්ට් උපකරණ තියෙනවා හදවත එක්ක නැත්නම් මොලය එක්ක සම්බන්ධ වෙන. මේවාට වෛරස් ඇතුළුවුනොත්, ඒවා සවිකරලා තියෙන රෝගියාට දෙයියන්ගෙම පිහිටයි.

තාක්ෂණය තව දියුණු වෙනකොට, මේ වගේ චිප්ස් සහ උපාංග ඇග ඇතුලේ ඉම්ප්ලාන්ට් කරගෙන සිටින අය වැඩි වේවි. එතකොට එම උපකරණ වලට වෛරස් ඇතුළු වීම ගැන අදට වඩා අවධානයක් නියතයෙන්ම යොදන්න සිදු වේවි.


No comments:

Post a Comment

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧