Friday, September 3, 2010

‍මගේ හිතට ඇල්ලුව flv වීඩියෝ කන්වර්ටර් එක.

ටික කාලෙක ඉදන් මම හොය හොයා හිටියා flv වීඩියෝ ෆයිල්ස් වෙන ෆෝමැටි වලට කන්වර්ට් කරන්න පුළුවන්, ඇනයක් නොවෙන සොෆට්වෙයා එකක්. ඇනයක් නොවෙන කීවේ, සමහර සොෆ්ට්වෙයා තියෙනවනේ කියපු වැඩේ නොකර ගණන් උස්සන ජාතියේ ඒවා. අනික, සමහර වීඩියෝ කන්වර්ටර්ස් හරි හිමින් තමා වැඩ. Flv කීවේ, ඔය Youtube වගේ සයිට් වල තියෙන ෆ්ලෑෂ් වීඩියෝ බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

ඔන්න ඉතිං කොහොම හරි හිතට අල්ලන සොෆ්ට්වෙයා එකක් හම්බුනා, ඒකේ නම තමා flv converter. හදලා තියෙන්නේ Aone software කියන සමාගමෙන්. flv converter කීවට මොකද මේකෙන් ඕනම ඕඩියෝ වීඩියෝ ෆෝමැට් එකක් වෙන ඕනම ඕඩියෝ වීඩියෝ ෆෝමැට් එකකට හරවන්න පුළුවන්. මේක සපෝර්ට් කරන ෆෝමැට් ගැන කීවොත් මේවගේ: mp4, avi, DivX, XDiv, mpg, vob (dvd), wmv, mov, 3gp, mp3, wma, ogg, amr, etc. ඒ වගේම, මේකෙන් දැන් මේ කියන ඩිවයිසස් වලටම ගැලපෙන විදියටත් ඕඩියෝ ඩීඩියෝ කන්වර්ට් කරන්න පහසුකම් තියෙනවා: iPod, iPhone, Apple TV, Zune, Xbox, PSP, PS3 (gaming), Sony walkman, PMP.

කන්වර්ට් කිරිල්ල ඉතාම ලේසියි. කරන්න ඕන තමන්ට අවශ්‍ය වීඩියෝ එක සොෆ්ට්වෙයා එක ඇතුලට ඇදලා දාලා, ඕන නම් resulting වීඩියෝ එකේ කොලිටි එක, සයිස් එක එහෙම ටිකක් configure කරලා, Convert බට්න් එක ඔබන එක විතරයි. එක පාර වීඩියෝ දහය පහලවක් උනත් කන්වර්ට් කලෑකි. වීඩියෝ ෆයිල් එක තමන්ට ඕන සයිස් එකේ කෑලි වලට කඩලා කන්වර්ට් කර ගන්නත් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පුළුවන්. මේ ෆීචර්ස් ඔක්කොම ප්‍රෝග්‍රෑම් එකේ යට පැනල් එකේ ‍තියෙනවා, හොය හොයා ඉන්න දෙයක් නෑ. යට පින්තූරෙන් පෙනෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ ඉන්ටෆේස් එක. මේ තියෙන්නේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එක: http://www.aone-soft.com/flv_to_avi_mpeg_wmv_3gp_mp4_ipod_converter.htm

No comments:

Post a Comment

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧