ඔබ නොකියා 93i දුරකථයක් පාවිච්චි කරනවා නම්, කලින් කලට එහි මතකයට අද්භූතජනක යමක් සිදුවන බව ඔබ අත්දැක තිබෙනු ඇති. කිසිම හේතුවකින් තොරව හිටි අඩියේ එහි මතක ධාරිතාව පහළ වැටේ. ඔබට එන sms එකක් හෝ බලාගත නොහැකි ලෙස, කිලෝබයිට් 20 30 දක්වා මතකය අඩු වී යයි. මා දන්නා තරමින් මෙය n93 වල ඇති සොෆ්ට්වෙයා අවුලක් හෙවත් බග් එකකි. බොහෝ විට මෙම බග් එක කරලියට පැමිණෙන්නේ, ෆෝන් එකට අළුත් තීම්ස් සහ සොෆ්‍ට්වෙයා ඉන්ස්ටෝල් කල විට බව මගේ මතයයි. මෙම බග් එක මතු වූ විට කළ හැකි දේ දෙකක් මා දැනට දනිමි.
1) ෆෝන් මෙමරි එකෙහි ඇති තරමක් විශාල ෆයිල් එකක් (උදා- වීඩියෝ) ඩිලීට් කර දමන්න. මෙයින් බොහෝ විට හිටි අඩියේ අතුරැදහන් වූ මතකය නැවත ලැබෙනු ඇත.
2) ෆෝන් එක රී-සෙට් කරන්න. රී-සෙට් කිරීම සදහා මෙම කෝඩ්ස් භාවිතා කරන්න: *#7370# (සොෆ්ට්වෙයා රී-සෙට්) හෝ *#7780# (හාඩ්වෙයා රී-සෙට්). මෙම කෝඩ්ස් ක්‍රියාත්මක කිරීමට හුදෙක් ඒවා ඩයල් කරන්න. එවිට මතුවන ප්‍රශ්ණය 'Yes' කරන්න.
රී-සෙට් කළ විට අනිවාර්ය්‍යයෙන්ම මෙමරි බග් එක ෆෝන් එකෙන් ඉවත් වේ (එහෙත් කාලයකට පසු එය නැවත මතුවීමට ඉඩ තිබෙන අතර මෙයට විසදුමක් මා දන්නේ නැත).